ජනාධිපති ධූරය භාරගෙන කෙටි කාලයක් තුළදී ජනතාවගේ අත්‍යවශ්‍යම ගැටලුවලට විසඳුම් ලබාදීමට හැකි වූ බවත් ආර්ථිකය මේ වනවිට ශක්තිමත් වෙමින් පවතින බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජනාධිපතිවරණයේදී ඡන්දය ලබානොදුන් ඡන්ද දායකයින් පවා පාර්ලිමේන්තු මහ මැතිවරණයේදි නියත වශයෙන් ජාතික ජන බලවේගයට ජන්දය ලබාදෙන බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
දූෂණ චෝදනා එල්ලවී ඇති පුද්ගලයන් මෙවර මහ මැතිවරණයේදී රටේ ජනතාව ස්ථිර වශයෙන් ප්‍රතික්ෂේප කරන බවත් පාර්ලිමේන්තුව නියෝජනය කළ පළපුරුදු නියෝජිතයින් නීතිය අවභාවිතා කරමින් ඔවුන්ගේ සුභ සිද්ධිය උදෙසා කටයුතු කර ඇති බවද සදහන් කරයි.
අලුතින් පාර්ලිමේන්තුවට පැමිණෙන පුද්ගලයන්ට රට පාලනය කිරීමට පුරුද්දක් නොමැති බැවින් හිටපු දේශපාලඥයන්ට නැවතත් බලය ලබාදෙන ලෙසට හිටපු ජනාධිපතිවරයා ඉල්ලා සිටින බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
හිටපු දේශපාලඥයන්ට වංචා, දූෂණ, අක්‍රමිකතා සිදුකිරීමට පමණක් පුරුදු බවත් පැවති රජයන් දේශපාලනය ව්‍යාපාරයක් බවට පත්කර ගෙන සිටි බැවින් දේශපාලනයට පුරුදු අලුත් කණ්ඩායමක් පාර්ලිමේන්තුවට එවිය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.
මහ මැතිවරණය වෙනුවෙන් පැවති ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

