Image

ජනපති ඡන්ද දිනය හෙට රෑට

ජනාධිපතිවරණය පවත්වන දිනය හෙට (26) මධ්‍යම රාත්‍රියේදී බොහෝ දුරට ප්‍රකාශ කෙරෙනු ඇතැයි මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

එම ගැසට් නිවේදනය නිකුත් කිරීමට සූදානමින් සිටින ලෙස මැතිවරණ කොමිෂන් සභාව රජයේ මුද්‍රණාලයට ඊයේ දැනුම් දුන්නේය.

මේ අනුව ගැසට් නිවේදනය නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇතැයි රජයේ මුද්‍රණාලාධිපතිනී ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවසුවාය.

මේ සම්බන්ධයෙන් අප මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල් රත්නායක මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවසුවේ එම නිවේදනය දැනටමත් සකස් කර අවසන් බවයි.

මේ අතර මැතිවරණ කොමිෂන් සභාව අද (25) පෙරවරුවේ රැස්වීමට නියමිතය.

ජනාධිපතිවරණයට අදාළ කටයුතු කිහිපයක් සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව කොමිසමේ සභාපතිවරයා වැඩිදුරටත් පැවසීය.

මේ අතර ජනාධිපතිවරණය සඳහා අවශ්‍ය වන ඇඟිලි සලකුණු කිරීමේ තීන්ත, ලිපි ද්‍රව්‍ය ඇතුළු අවශ්‍ය උපකරණ මිලදී ගැනීම සඳහා ප්‍රසම්පාදන කටයුතු අරඹා ඇතැයි කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.