Image

ගම්මන්පිලගේ සැලැස්ම විජිත හේරත් ප්‍රසිද්ධියේම හෙළි කරයි.!

කැබිනට් මාධ්‍ය ප්‍රකාශක, අමාත්‍ය විජිත හේරත් මහතා ඊයේ (29) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ සාකච්ඡාවේදී පවසා සිටියේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාගේ දෙවැනි පාස්කු හෙළිදරව්ව තුළින් රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර යන මහත්වරුන් ඉලක්ක කර ඇති බවට පැහැදිලි වන බවයි.

එහිදී මාධ්‍යවේදියෙකු විසින් ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා කියා සිටියේ චැනල් 4 නාලිකාවේ වැඩසටහන සම්බන්ධයෙන් වූ වාර්තාව වැරදි සහගත බවට හිටපු ආරක්ෂක ලේකම්වරයා විසින් නිවේදනයක් නිකුත් කරමින් පැවසීම පවා දේශපාලනික කාරණයක් බවයි.

ඒ සම්බන්ධයෙන් පරීක්ෂණයක් හෝ සිදුනොකර එවැන්නක් පැවසුවේ යම් පිරිසක් බේරාගැනීමේ අරමුණින් බව පැහැදිලිවන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.