Image

“ජනාධිපතිවරයා තව කල් ඉන්නකොට ඕක තේරෙයි” – රනිල්

IMF සිව්වැනි වාරිකය ගැන මෙතෙක් අවසන් එකඟතාවකට නොපැමිණීම පිළිබඳව ජනාධිපතිවරයා රටට කරුණු හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,

“IMF කිසිම ප්‍රශ්නක් තිබුණේ නැහැ අපිට මුදල් තිබුණ නිසා නිල වශයෙන් තීරණය අරගෙන ඒ්කත් අතුළු කළා. ජනාධිපතිවරයා අහනවා මොකද මේ අන්තිම මොහොතෙදි කළේ කියලා.

ගණුදෙනු කරනකොට දන්වානේ හැටි ඒක එන්නත් ප්‍රමාද වුණා. මේක අරගත්තා අනුමත කළා. එතුමා තව කල් ඉන්නකොට ඕක තේරෙයි අපි කොහොමද මේ තිරණ හදියේ ගන්නේ කියලා.

එච්චරයි තිබුණේ ඒත් මොකද්ද වුණේ.? IMF කණ්ඩායම මෙහාට ආවාම අපි තීණයක් ගත්තේ නැහැ, එකඟත්වයකට ආවේ නැහැ. කිව්වා අපි නිව්යෝර්ක්වල සාකච්ඡා කරනවා කියලා. නිව්යෝර්ක් වල සාකච්ඡා කරද්දි රත්නපුරේදී අනුර දිසානායක ජනාධිපතිතුමා කියලා තියෙනවා.

මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුලු මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරනවා වඩා යහපත් අයවැයක් සකස් කර දීම සඳහා අපේ පිළිබඳව. අද පත්තරේ තියනවා සාකච්ඡා අවසන් වුණේ නෑ ඊළඟ අයවැයෙන් පස්සේ තමයි අවසන් කරන්නේ කියලා.

අයවැය ගේන්නේ මාර්තු මාසේ. අපි දැනගන්න කැමැතියි මම මේ ඔක්කොම හැදුවා, මේ ඔක්කොම සකස් කළා, අන්තිම අස්සන දාන්නයි තිබුණේ. ඕක කරන්න තිබුනේ කොළඹදී එකඟවෙලා අතනදි ගිහින් අත්සන් කරලා අයවැය හදන්න තිබුණා. දැන් කියනවා තව කතා ඕනෙලු මොකක්ද ඕන තව සාකච්ඡා ඒක අපි දැනගන්න ඕනේ.”

අතුරුගිරියේ පැවති ජන හමුවක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.