Image

ජනපති ලොකු වැඩකට අතගහයි.!

ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහ අපනයනකරුවන් සමඟ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේ දී අනුර දිසානායක මහතා පැවසූවේ රට තුළ ආර්ථික ස්වාධිපත්‍යයක් නිර්මාණය කිරීම රජයේ අරමුණ බැවින් ඊට අපනයන කරුවන්ගේ පූර්ණ සහය අපේක්ෂා කරන බවයි.

මෙම සාකච්ඡාව සඳහා ඉදිකිරීම්, භාණ්ඩ ප්‍රවාහන හා සැපයුම්, මත්ස්‍ය අපනයන, තොරතුරු තාක්ෂණ, මැණික් හා ස්වර්ණාභරණ, මුද්‍රණ, වීදුරු හා පිඟන් භාණ්ඩ, කුළු බඩු කර්මාන්තය ආශ්‍රිත නිෂ්පාදන ඇතුළු ක්ෂේත්‍ර ගණනාවක් නියෝජනය කරමින් අපනයනකරුවන් එක්ව සිටි අතර එක් එක් කර්මාන්ත වලට අදාලව සහ පොදුවේ අපනයන ක්ෂේත්‍රයේ මතුව ඇති ගැටලු පිළිබඳ හා ඒවාට ලබා දිය හැකි විසඳුම් පිළිබඳව ද කරුණු ඉදිරිපත් කෙරිණි.

එහිදී ජනපතිවරයා පෙන්වාදුන්නේ අපනයන වෙළෙඳ පහසුකම් සැලසීමට අනෙකුත් රාජ්‍ය ආයතන සහ ශ්‍රී ලංකා රේගුව ඒකාබද්ධ කර ගනිමින් තනි සේවා කවුළුවක් නිර්මාණය කිරීමේ වැදගත්කම සහ අපනයන වලට සම්බන්ධ රජයේ ආයතන වල කාර්යක්ෂමතාව ඉහල නැංවීම හා ඩිජිටල්කරණය තුලින් රට ඉදිරියට ගෙනයෑමේ අවශ්‍යතාවක් පවතින බවයි.

ජනපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ඒ හරහා බලශක්ති මිල සැලකිය යුතු මට්ටමකින් පහල දැමීම, විදේශ අයෝජන ප්‍රවර්ධනය, ජාත්‍යන්තර වෙළෙඳ පොළට ප්‍රවේශය ලබා ගත හැකි පරිදි තානාපති සේවා ප්‍රතිව්‍යුහගතකරණය ඇතුළු කරුණු පිළිබඳ රජයේ අවධානය යොමු ව ඇති බවයි.

මෙම සියලු අරමුණු ඉතා කෙටි කලක් ඇතුලත ඉටු කර ගැනීම රජය පියවර ගන්නා බවත් ඒ සඳහා ක්ෂේත්‍රයේ සියලු දෙනාගේ පුළුල් දායකත්වය අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සිහිපත් කළේය.

TRENDING POST