Image

රජයෙන් හදුන්වාදෙන අලුත්ම ඇප් එක.!

පූර්ණ විමසිලිමත් වී ආරක්ෂාව තහවුරු කිරීමේ ක්‍රමවේදයක් ලෙස මෙරටට එන සංචාරකයින් සම්බන්ධ විශේෂ යෙදවුමක් (App) හඳුන්වාදීමට රජය ඉදිරියේදී කටයුතු කරන බව අමාත්‍ය විජිත හේරත් සදහන් කරයි.

රටට ඇතුළු වන විට විදේශිකයින් විසින් ගුවන්තොටුපලේදී පුරවන සරළ පෝරමය පවා පුරවන්නේ නැති බවත් මේ තත්ත්වය තුළ ඔවුන් සම්බන්ධ දත්ත ලබාගැනීමේ මූලික සරල ප්‍රවේශයත් නොලැබී ඇති බවද අමාත්‍යවරයා සදහන් කරයි.

එනිසා හඳුන්වාදීමට නියමිතය යෙදවුම හරහා විදේශිකයින් ප්‍රධාන වශයෙන්ම ලංකාවේ රැඳි සිටින ස්ථාන හඳුනාගැනීමට කටයුතු කරන බවත් යම්කිසි සිද්ධියකදී ඔවුන් වෙත පහසුවෙන් ප්‍රවේශ වීමේ අවකාශය ඉන් ලබාගත හැකි බවද අමාත්‍යවරයා සදහන් කරයි.

TRENDING POST