අද වෙනකොට මේ රට වෙනස් කිරීමේ කාර්යය ජාතික ජන බලවේගය විසින් ආරම්භ කර තිබෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
අවුරුදු 75ක් පුරාවට නිහඩව සිටි පිරිසක් මේ වනවිට කලබල වීමට පටන් අරගෙන ඇති බවත් පාස්කු ප්‍රහාරය ගැන වචනයක් නොකියු පිරිස් දැන් විමර්ශන පිළිබඳව ප්‍රශ්න කරන බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
අග්‍රාමාත්‍යවරිය තවදුරටත් සදහන් කළේ,
“අපි මෙච්චර කාලයක් බලාගෙන හිටියේ මේ මොහොත එනතුරුයි. අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන්න පුළුවන් පාර්ලිමේන්තුවක් හදලා දෙන්න. අද වෙනකොට මේ රටේ වෙනස් කිරීමේ කාර්යය අපි ආරම්භ කර තිබෙනවා.
අපට කිසිම කලබලයක් නෑ. මේ වෙනකොට ඔබලාට පේනවා ඇති සමහර අය කලබල වෙලා එක එක දේවල් කියනවා. අවුරුදු 75 ක් තිස්සේ, නිහඩව සිටි පිරිසක් කලබල වීමට පටන් අරගෙන.
පාස්කු ප්‍රහාරය ගැන වචනයක් නොකියු අය ඒ තොරතුරු දැනගෙන ඒවා වසන් කර දැන් අපෙන් ඒ විමර්ශනය පිළිබඳව ප්‍රශ්න කරනවා. එහෙමත් නැත්නම් බඩු මිල වැඩිවීම ඇයි.? හොරු අල්ලන්නේ නැත්තේ.?
විවිධ කතා කියන්න පටන් අරගෙන විවිධ ප්‍රශ්න මතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒකට කමක් නෑ. ඒ අයට වෙන කරන දෙයක් නැති බව අපි දන්නවා. අපි මේ රටේ බලය ලබාගන්න කටයුතු කළේ සැලසුමක් ඇතිවයි.
මේ රට හදන්න සැලසුමක් ඇතිවයි. ඒ ගැන අපි ජනතාව සමග කතා කළා. ඇති වී තිබෙන ප්‍රශ්න සැලසුම් සහගතයි විසඳන්න ක්‍රමානුකූලව අපි කටයුතු කරනවා.
අපිට කලබලයක් නෑ.. සැලසුමක් ඇතුව ක්‍රමානුකූලව අප මේ රට වෙනස් කරනවා. ඒ සඳහා අපට විධායක බලය විතරක් තිබිල මදි පාර්ලිමේන්තු බලයත් අවශ්‍යයි.”
ජාතික ජන බලවේග ජන රැළියක් අමතමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.