Image

මහින්දට අවමානයක් – ආරක්ෂාවට ත්‍රීරෝද රථයක් දීලා.!

නීතීඥ මනෝජ් ගමගේ මහතා පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව තුනෙන් දෙකකින් ඉවත්කර ඇති බවයි.

හිටපු ජනපතිවරයාගේ ආරක්ෂාවට කැබ් රථයක් යතුරු පැදි දෙකක් සහ ත්‍රීරෝද රථයක් ආරක්ෂාව සදහා ලබාදීමට පියවර ගෙන ඇතැයි ද ඒ මහතා පවසයි.

ඔහු පවසන්නේ මෙය වත්මන් රජය LTTE ඩයස්පෝරාව සමග එක්ව කොටි ත්‍රස්තවාදය පරාජය කළ නායකයකුට කරන අවමානයක් සහ ජීවිත තර්ජනයක් බවයි.

කොළඹදී පැවති මාධ්‍ය හමුවකදීය නීතීඥ මනෝජ් ගමගේ මේ බව සඳහන් කළ බව “දිවයින” පුවත්පත වාර්තා කර තිබේ.

TRENDING POST