තමන් කැමැති අය පාර්ලිමේන්තුවට පත්කර එවීමට ජනතාවට අවස්ථාව ලබාදිය යුතු බවත් පාර්ලිමේන්තුව පිරිසිදු කිරීම මාලිමාවේ කාර්යභාරයක් නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කරයි.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සදහන් කළේ,
“ජනපති ධූරය බාර ගත්තට පස්සේ පක්ෂ භේදයෙන් තොරව සියලු දෙනා මට උදව් කළා. වර්තමානයේ මේ රටේ ප්‍රශ්න ඇතිවෙලා තියෙන්නේ ආණ්ඩුව නිසා නොව මාධ්‍ය නිසා කියලා අනුර කුමාර දිසානායක ජනපතිවරයා පැවසුවා.
පරණ ඇබ්බැහිකම් අත්හැර ගන්න බැරි මාධ්‍ය කිහිපයක් රටේ තිබෙන බවත් කුණු ඇදුම් වීසිකර ප්රජාතන්ත්රවාදයේ ඇදුම් ඇඳ ගන්න කියලා එයාලට කියන බවත් ජනපතිවරයා පැවසුවා.
දැන් තර්ජනය කරනවා. පාර්ලිමේන්තුව පිරිසිදු කරනවාලු. තමන් කොහොමද ඒක කරන්නේ. ඡන්ද තියෙන්නේ පාර්ලිමේන්තුවට මහජන නියෝජිතයින් තෝරන්නයි. ජනතාවට කැමැති අය තෝරන්න ඕන. ප්රජාතන්ත්රවාදි රාමුවේ හිටපු නැති අය මේක දන්නේ නැහැ.
පාර්ලිමේන්තුව දූෂිතයි කියලා ජනපතිවරයා පැවසුවත් මේ රටේ 58%ක් ජනතාව එය සත්‍යයක් නොවන බව ඡන්දයෙන් ප්‍රකාශ කර තිබෙනවා. බහුතරය කියන දේ පිළිගන්න. තමන් කැමැති අය තෝරන්න ජනතාවට අවස්ථාව දිය යුතුයි. දූෂිත අය ඉන්නවා නම් ජනතාව ඉවත් කරයි.
අපි සම්පූර්ණයෙන්ම දූෂණ විරෝධය පිළිබඳ ජාතික න්‍යයා පත්‍රයක් ඇති කරලා තියෙනවා.ඒක මම හැදුව එකක් නෙවෙයි. ජත්‍යන්තර මූල්‍ය අරමුදල හදලා දුන්න එකක්. මේ යටතේ දූෂණ විරෝධ පනත බලාත්මක කිරීම, ජාතික විගණන පනත සංශෝධනය කිරිම, රාජ්‍ය ප්‍රසම්පාදන විනිවිදභාවය ඇතුළු පියවර 15ක් 20ක් තියෙනවා. මේවා ක්‍රියාත්මක නොකර හොරු අල්ලන්න බැහැ.
ජනපති ඇතුළු මාලිමාව නිකන් සටන් පාඨ කියනවා විතරයි. හොරු අල්ලන ක්‍රමවේදය ඇති කළේ අපි. එහි දෙවන පියවර කරන්න කියලා මම ජනපතිවරයාට කියනවා.
මාලිමාව ආවට පස්සේ විදුලි බිල, තෙල් මිල අඩු කළාලු. අපි දැම්ම මිල සූත්‍රය අනුව යුද්ධ නොතිබුණා නම් තෙල් මිල මේ වසර අවසානය තෙක්ම අඩු වෙන්න පුළුවන්. විදුලි බිලත් අඩු වෙනවා. මේක අපි ගෙනාපු මිල සූත්‍රය. ඒකට මාලිමාව විරුද්ධ වුණා.
මම පහන් පත්තු කළා. එයලා නිවන් දකින්න හදනවා. මම එනකොට මිනිස්සුන්ට කන්න හාල් තිබුනේ නැහැ. අපි පොහොර ලබා දුන්නා. ගොවීන් යල මහ දෙකම වගාකරලා අස්වැන්න දුන්නා.
ලබන වසරේ රජයේ සේවකවයින්ට රුපියල් 10000 ක් දෙන්න මම මුදල් වෙන් කළා. ජනවාරි මේක දෙන්න ලෑස්තිද නැද්ද කියලා ජනපති අගමැති රටට කියන්න ඕන. උදය සෙනෙවිරත්න වාර්තාව ක්‍රියාත්මක කරනවාද නැද්ද කියලා කියන්න.
ජනාධිපති අගමැති, ඇමැති තුන් දෙනාම කිව්වා මේක බොරුවක් කියලා. බොරුවක් කිව්වට වැඩක් නැහැ ඒක ඔප්පු කරන්න ඕන. උදය සෙනෙවිරත්න වාර්තාව මේ අය පිළිගන්නේ නැත්නම් මාලිමාවට ඡන්දය දෙන්න එපා කියලා මම රජයේ සේවකයින්ට කියනවා.”
මහනුවර දිස්ත්‍රික් අපේක්ෂකයින්ට සහය දක්වමින් මහනුවර කරළිය සම්මන්ත්රණ ශාලාවේ පැවති ජනහමුවක් අමතමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මේ බව සදහන් කරයි.