Image

ඩග්ලස්ගේ සහය මාලිමාවට.!

ඩග්ලස් දේවානන්දා මහතා නායකත්වය දරන ඊ.පී.ඩී.පී. සංවිධානය ඉදිරි මහ මැතිවරණයේදී ජනාධිපතිවරයා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට තීරණය කර ඇත.

ඩග්ලස් දේවානන්ද මහතා ඇතුළු කන්ඩායමක් ඒ සම්බන්ධයෙන් පසුගියදා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හමුවී සාකච්ඡා කළ බව ඊ. පී. ඩී.පී. මාධ්‍ය ලේකම් කොළඹ දිස්ත්‍රික් අපේක්‍ෂක නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.

මෙහිදී අතරමග නතර කර ඇති උතුරු නැගෙනහිර සංවර්ධන කටයුතු පිළිබඳව කරුණු 25ක් සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සමග සාකච්ඡා කළ බවත් එම සංවර්ධන කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපතිවරයාගේ අවධානය යොමුවී ඇති බවත් නෙල්සන් එදිරිසිංහ මහතා පවසයි.

එමෙන්ම ධීවර අමාත්‍යාංශයේ පවතින ගැටලු සහ ඒ සම්බන්ධව සිදු කරගෙන ගිය අණපනත් හා නැවතී ඇති වැඩසටහන් නැවත ක්‍රියාත්මක කිරීම සඳහා පක්‍ෂ මාධ්‍ය ලේකම් නෙල්සන් එදිරිසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ද ජනාධිපතිවරයා මෙහිදී පියවර ගෙන ඇත.

TRENDING POST