Image

නැවත පාර්ලිමේන්තුවට එන්නේම නෑ.. එන්න කියන්නේ මගේ හතුරෝ.! රනිල්

පාර්ලිමේන්තුවට පිවිසීමට යළි කිසිවිටෙක බලාපොරොත්තු නොවන බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා, ඔහු පවසන්නේ ආණ්ඩුව ගෙන යෑමටනම් අනිවාර්‍යෙන්ම පලපුරුදු කණ්ඩායමක් පාර්ලිමේන්තුව තුල සිටිය යුතු බවයි.

ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූරයක් හරහා හෝ නැවත පාර්ලිමේන්තුවට පැමිණීමේ බලාපොරොත්තුවක් නොමැතිද යනුවෙන් මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ජනපතිවරයා දුන් පිළිතුරු වූයේ “ඔයා මගේ හතුරෙක්ද.?” යන්නයි.

එමෙන්ම බංකොලොත් රටක් වසර දෙකක් තුළ ඉන් මුදවාගැනීමේ වාර්තාව තැබීමට තමාට හැකිවූ බවද පැවසූ වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටියේ මෙවර මහ මැතිවරනයේදී පළපුරුද්ද සහිත පුද්ගලයින් පාර්ලිමේන්තුවට තෝරා පත් කිරීමට කටයුතු කරනා ලෙසයි.

TRENDING POST