Image

ඇමති හරීන්ගෙන් අනුර කුමාරට ලිපියක් – විදෙස් ගමන් වියදම් ලැයිස්තුවක්ද ඇතුලත් කරයි

පසුගිය දිනක ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක විසින් හරීන් ප්‍රනාන්දු සහ මනූෂ නානයක්කාරගේ විදෙස් ගමන් සදහා මුදල් වැය වූ ආකාරය හෙළි කරන ලෙස සිදුකළ ප්‍රකාශයට අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් පිළිතුරු ලබාදී තිබෙනවා.

අද දින අනුර කුමාර දිසානායක මහතා වෙත ලිපියක් යොමු කරමින් මේ බව දන්වා තිබෙනවා. එම ලිපිය සමඟ අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ සියලු  විදෙස් ගමන්වල තොරතුරු ද ඉදිරිපත් කර තිබෙනවා.

ඒ අනුව පදනම් විරහිතව, අවඥා සහගතව සිදුකරන ලද චෝදනා පිළිකුලෙන් යුතුව හෙලා දකින බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා දක්වා තිබෙනවා. එමෙන්ම එම සිදුකරන ලද ප්‍රකාශය අනුර කුමාර දිසානායක මහතා විසින් ම නිවැරදි කළ යුතු බව එම  ලිපියේ තරයේ අවධාරණය කර තිබෙනවා.

සංචාරක කර්මාන්තය තබා, සංචාරකයෙකුවත් සොයාගත නොහැකි වකවානුවක් තුළ සංචාරක අමාත්‍යංශය බාර ගැනීම සහ අද ලංකාවේ සංචාරක කර්මාන්තය ගොඩනැඟී ඇති ආකාරය කොතෙක් ද යන්න කුහක වත ඉවත දමා බලන ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකි බව මෙම ලිපියෙන් වැඩිදුරටත් දක්වා තිබෙනවා. එමෙන් ම සංචාරක කර්මාන්තයේ ඉතිහාසගත් වාර්තාවක් තැබීමට මෙම දෙවසර තුළ හැකි වූ බවත්, ලොව හොඳම සංචාරක ගමනාන්ත අතරට මෙන් ම ලොව වේගයෙන් ම දියුණුවන සංචාරක කර්මාන්තය ඇති රටක් ලෙස කීර්තියට පත්වීමට ද මෙම දෙවසර තුළ හැකි වූ බව මෙම ලිපියෙන් පෙන්වා දී තිබෙනවා.

තව ද ක්‍රීඩා අමාත්‍යංශය භාරගැනීම සිදු වූයේ මෙරටට එරෙහිව ක්‍රිකට් තහනමක් පැවති අවස්ථාවක වන අතර එම තහනම ඉවත් කරගැනීම සඳහා විදෙස් සංචාවල යෙදීමට සිදුවූ බව මෙහි පෙන්වා දී තිබෙනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.