Image

දේශපාලන පළිගැනීම් මත අස්වැසුම අහිමි වූවන්ට සාධාරණය ඉටුවෙයි.!

සමාජ ආරක්ෂණ අමාත්‍ය විජිත හේරත් මහතාගේ උපදෙස් පරිදි අස්වැසුම සමාජ සුබසාධන ප්‍රතිලාභ වැඩසටහන හරහා නොයෙකුත් හේතූන් මත අසාධාරණයට ලක්වූ පුද්ගලයින් සම්බන්ධයෙන් සොයාබැලීම සඳහා 10 පුද්ගල විශේෂඥ කමිටුවක් පත් කර තිබේ.

එම අමාත්‍යංශයේ ලේකම් රංජිත් ආරියරත්න මහතා පැවසූවේ අමාත්‍යංශයේ අතිරේක ලේකම්වරයෙකුගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත් කර ඇති අතර සමෘද්ධි ප්‍රතිලාභ හිමිවූ නමුත් අස්වැසුම සමාජ සුභසාධන ප්‍රතිලාභ වැඩසටහනට නොයෙකුත් අයුක්ති සහගත හේතූන් මත ඇතුළත් නොවූ පුද්ගලයින් පිළිබඳව ප්‍රාදේශීය මට්ටමින් සොයාබලා කරුණු ඉදිරිපත් කිරීමට මෙම කමිටුව පත් කර ඇති බවයි.

රංජිත් ආරියරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේ ඒ අනුව මසක් ඇතුළත ඒ පිළිබඳව වාර්තාවක් ලබාදෙන ලෙස අදාළ කමිටුවට දැනුම් දී ඇති බවයි.

TRENDING POST