මේ වනවිට ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ භාවිතයෙන් දරුවන්ගේ ජීවිතවලට දැඩි තර්ජනයක් සිදුවෙමින් පවතින බව ලෝක පිළිකා සංගමය අනාවරණය කරයි.
පාසල් දරුවන් භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල්වලින් 75%ක් ප්‍රමිතියෙන් තොර බවත් එවැනි ප්‍රමිතියක් නොමැති උපකරණ මෙරට වෙළඳපොළේ දිනෙන් දින වැඩිවෙමින් පවතින බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි.
මෙම ප්‍රමිතියෙන් තොර ප්ලාස්ටික් උපකරණ ඉතාමත් අවදානම් ලෙස පාසල් දරුවන්ට බළපෑම් කරන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කරයි.
එම සංගමයේ සභාපති උපුල් රෝහණ සදහන් කළේ,
“දරුවෝ භාවිතා කරන කෑම පෙට්ටි සහ වතුර බෝතල් 75%කට එහා ප්‍රමාණයක් නුසුදුසු ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය කරපුවා කියලා ඉතාම පැහැදිලිව අපිට පේන්න තියෙනවා. චීනය වැනි රටවලින් ආනයනය කරනවා පාලනයකින් තොරව. ඉතාමත් අවදානම් විදිහට දරුවන්ට මේවා බළපෑම් කරනවා.”
ආහාර සහ ජලය දැමීම සදහා භාවිත කරන ප්ලාස්ටික් ඇසුරුම් මිලදී ගැනීමේදී එහි පතුල මත BPA වලින් තොර හෝ අංක 5 සටහන් කර ඇද්දැයි නිරීක්ෂණය කළ යුතු අතර එසේ නොමැතිනම් එම උපකරණ වල වීදුරුවක් සමග ගෑරුප්පුවක සළකුණක් තිබේදැයි පරීක්ෂා කළ යුතුයි.
ශරීරයට අහිතකර රසායනික ද්‍රව්‍ය ගණනාවක් ප්ලාස්ටික් වල අඩංගු වන බවත් රසායනික ද්‍රව්‍ය ශරීරගත වුවහොත් නොයෙක් වර්ගයේ දරුණු පිළිකා සෑදීමේ අවධානමක් තිබෙන බව ජාතික බෝවන රෝග විද්‍යායතනයේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ සදහන් කරයි.
ළමා රෝග විශේෂඥ වෛද්‍ය විරාජ් ජයසිංහ සදහන් කළේ,
“ශරීරයට අහිතකර නොයෙක් වර්ගයේ රසායනික ද්‍රව්‍ය ගණනාවක් ප්ලාස්ටික් වල අඩංගු වෙනවා. රසායනික ද්‍රව්‍ය අපගේ ශරීරගත වුවහොත් නොයෙක් වර්ගයේ දරුණු පිළිකා සෑදීමේ අවධානමක් තියෙනවා. දරුවෙක් නම් වර්ධනයට බාධා ඇති වෙන්නත් පුළුවන්. ප්ලාස්ටික් භාජනම අවශ්‍ය වෙනවානම් ආහාර ද්‍රව්‍ය ගබඩා කරන්න ප්‍රමිතියෙන් යුක්ත උපකරණම පාවිච්චි කරන්න ඕනේ.”

