Image

රට හදන්න දත කෑ ජනපති අපේක්ෂකයත් කෝටි තුනකට පොල්ලක් තියලා.!

ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිවරයකු හා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයෙකු වූ ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳට දෙසැම්බර් 10 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඊළංගසිංහ මහතා නියෝග කළේය.

ඒ පරිගණක සේවා සැපයීමේ සමාගමක් පවත්වාගෙන යමින් රුපියල් තුන් කෝටි තිස් හය ලක්ෂයකට (33 697 936.61) අධික බදු මුදලක් රජයට නොගෙවා පැහැර හැරියේ යැයි කියන සිද්ධියකට අදාළවයි.

දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් ජනක රත්නායක මහතාට සහ ඔහුගේ බිරිඳ වන එච්.එල්.කුමාරි ද සිල්වා වග උත්තරකරුවන් කරමින් පවරා තිබූ නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය.

නීතිඥ සම්පත් ජයවර්ධන මහතා වග උත්තරකාර සමාගම වෙනුවෙන් පෙනී සිටි අතර සමාගමේ අධ්‍යක්ෂකවරයකු අධිකරණයේ පෙනී සිටින බව දන්වා සිටියේය.

එහිදී දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරුවන් වහාම අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට නියෝග කළේය.

කිරුළුපන පෙදෙසා කොළඹ 05 ලිපිනයේ( Rent A company service pvt ltd ) රෙන්ට් අ සමාගමේ අධ්‍යක්ෂවරුන් ලෙස කටයුතු කරමින් 2016 2017 හා 2018 වසර සඳහා රුපියල් 31 846 248.24 ක වැට් බද්දක් ගෙවීම පැහැර හැරීම සහ එම වසර තුන සඳහා රුපියල් 1 851 688.37 ක ආදායම් බදු ගෙවීම පැහැර හැරීමට එරෙහිව මෙම නඩු දෙක පවරා තිබිණි.

දේශීය ආදම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වග උත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ සම්පත් ජයවර්ධන මහතා සමග නීතිඥ රුක්ෂාන් මහතා පෙනී සිටියේය.

TRENDING POST