Image

ගම්පහ ඇතුළු ප්‍රදේශ කිහිපයකට ජලය කපයි.!

මීගමුව – කොළඹ ප්‍රධාන මාර්ගයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුක්තක් හේතුවෙන් අද (05) දිනයේ ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට පැය 12 ජල කප්පාදුවක් විදුවන බව බව ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය නිවේදනය කර ඇත.

ඒ අනුව ජාඇළ, කටුනායක, සීදූව නගර සභා බලප්‍රදේශය, කටාන සහ මිනුවන්ගොඩ ප්‍රාදේශය සභා බලප්‍රදේශ සහ ජාඇළ සහ ගම්පහ ප්‍රාදේශීය බල ප්‍රදේශයේ කොටසකට අද පස්වරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා ජල සැපයුම ලබාදෙනු නොලැබේ.

ජනතාවට සිදුවන අපහසුතාව සම්බන්දයෙන්ද ජාතික ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය කණගාටුව පල කර සිටී.

TRENDING POST