Image

පාස්පෝට් නිකුත් කිරීමට නව ක්‍රමවේදයක්.!

පාස්පොට් නිකුත් කිරීම සඳහා නව මාර්ගගත ක්‍රමයක් හඳුන්වා දීමට රජය පියවර ගෙන ඇති අතර ඒ ඔස්සේ එලැඹෙන 6 වැනි දින සිට ආගමන විගමන වෙබ් අඩවියට පිවිස විදේශ ගමන් බලපත්‍ර ලබා ගැනීම සඳහා දිනයක් වෙන් කර ගත හැකි බව වැඩබලන ආගමන විගමන පාලන ජනරාල් ඩී.එම්.ඩී. නිලූෂා බාලසූරිය මහත්මිය සඳහන් කළාය.

මාධ්‍ය හමුවකදී ඇය පැවසූවේ ඒ අනුව එලැඹෙන 6 වැනි දින සිට නව මාර්ග ගත ක්‍රමය ක්‍රියාත්මක කිරීමට සූදානම් බවයි.

එහිදී අදහස් දැක්වූ නිලූෂා බාලසූරිය මහත්මිය,

“එක දවසක් ලබාගෙන වෙන් කරවා ගැනීම සිදුකරකොට යම් සීමා සහිත ප්‍රමාණයක් තමයි ටෝකන් පත් ලබා දෙන්න පුළුවන් වෙන්නේ. නමුත් ඒ ප්‍රමාණය අවසන් වුණාට පස්සේ ඉදිරි දිනයක් සඳහාත් ඔබට වෙන් කරවා ගැනීමට පුළුවන්. 

නව ක්‍රමවේදය අනුව ඔබට දවසේ ඕනෑම වෙලාවක, ඕනෑම තැනක ඉඳලා ඕනෑම පුද්ගලයෙකුට මේ වෙබ් අඩවිය හරහා දිනයක් වෙන් කරවා ගැනීමට පුළුවන්. ඒ අනුව නොවැම්බර් මාසේ 6 වැනිදා ඉඳලා මෙම මාර්ගගත ක්‍රමය ක්‍රියාත්මක කරන්න තීරණය කළා.

ඒ නිසා නොවැම්බර් මාසේ 6 වැනිදායින් පසුව දිනයක් වෙන් කරවා ගැනීමේ අපේක්ෂාවෙන් පැමිණීමෙන් වළකින ලෙස අපි මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා”

TRENDING POST