Image

ආණ්ඩුවේ මැති ඇමතිවරු 30 කට අධික පිරිසක් රනිල්ට සහය දෙන බව මහින්දට කියයි

ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ අද (25) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.

එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.

මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිරීමට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනම⁣ට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.

එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ.

එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන්  පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.