Image

කළුතර මුදුනා වෙන්න නලින්ද නමත් වෙනස් කරයි…!

ජාතික ජන බලවේග කළුතර දිස්ත්‍රික්ක අපේක්ෂක ලැයිස්තුවේ අංක 1 ලබා ගැනීම සඳහා වෛද්‍ය නලින්ද ජයතිස්ස සිය නම වෙනස් කොට ඇතැයි සමාජ මාධ්‍ය වාර්තා පළවෙයි.

එම වාර්තාවල සඳහන් වන ආකාරයට නලින්ද ජයතිස්සගේ සම්පූර්ණ නම වළාකඩ අප්පුහාමිලාගේ නලින්ද වජිරමාල් ජයතිස්ස වන අතර මැතිවරණ අපේක්ෂක ලැයිස්තුවේ අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස යනුවෙන් සඳහන් වෙයි.

නලින්ද ජයතිස්ස සිය සම්පූර්ණ නම නිවැරදි ආකාරයට එම ලේඛනයට ඇතුළත් කළේ නම් ඔහුට හිමි වන්නේ අංක 12 වුව ද නමින් කොටසක් හළා අප්පුහාමිලාගේ නලින්ද ජයතිස්ස යනුවෙන් යෙදීම නිසා අංක 1 හිමිව තිබේ.

සිය පක්ෂයේ මනාප තරඟයක් නැතැයි ද හොර බොරු වංචාවෙන් තොර ප්‍රතිපත්තිගරුක දේශපාලනයක් කරන්නේ යැයි ද ජාතික ජන බලවේගය සිදුකරන ප්‍රකාශවලට මෙම ක්‍රියාව කැළලක් බව සමාජ මාධ්‍ය සඳහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.