Image

මාලිමාණ්ඩුවට ජාත්‍යන්තර සහය උපරිමයි… ලෝක නායකයන් හමුවෙන්න පෝලිමේ.. ඉල්ලීම් නැතිවම ආධාර ගලයි…! ටිල්වින් සිල්වා

සිය ආණ්ඩුවක් පත්වුවහොත් රටට ජාත්‍යන්තර සහය අහිමි වනු ඇතැයි ඇතැමුන් බොරු බිල්ලන් මැව්ව ද ඉතිහාසයේ වැඩිම ජාත්‍යන්තර සහය ලැබුණු ආණ්ඩුව බවට මාලිමාණ්ඩුව පත්ව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා පවසයි.

තානාපති කාර්යාල නියෝජිතයන් වැල නොකැඩි ආණ්ඩුවේ නායකයන් හමු වීමට පැමිණෙන බවත් තවමත් එහි කෙළවරක් නොමැති බවත් ඔහු පෙන්වා දෙයි.

දැන් ආණ්ඩුවට ලොව හැම අතින්ම රටට ආධාර ගලා එන බවත් පසුගිය දිනක ලෝක බැංකුව ආණ්ඩුව කිසිදු ඉල්ලීමක් නොකර සංවර්ධනය සඳහා ඩොලර් මිලියන 200ක් ලබා දුන් බව ද ටිල්වින් සිල්වා ප්‍රකාශ කරයි.

ජාතික ජන බලවේග කොළඹ ජනහමුවක් අමතමින් ටිල්වින් සිල්වා මේ බව කීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.