Image

“මින් ඉදිරියට දේශපාලඥයාට හිතූ හිතූ දේ කරන්න බෑ” – ජනපති දැඩි තීරණයක.!

මින් ඉදිරියට දේශපාලඥයාට හිතූ හිතූ දේ කිරීමට නොහැකි බවත් දේශපාලකයා නීතියට යටත් විය යුතු බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.

රට තුළ පවතින දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම ජාතික ජන බලවේගයේ අපේක්ෂාව බවත් දේශපාලනය සදහා යම් ප්‍රමිතියක් ක්‍රියාත්මක විය යුතු බවද ජනාධිපතිවරයා සදහන් කරයි.

ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,

“අපේ රටට දේශපාලනයේ ප්‍රමිතියක් අවශ්‍යයි. දේශපාලඥයාට හිතූ හිතූ දේ කරන්න පුළුවන්ද.? එහෙම බෑ.. යම් නිර්ණායක පද්ධතියක්. යම් රාමුවක දේශපාලඥයා වැඩ කරන්න ඕනේ.. දේශපාලකයා නීතියට යටත් වෙන්න ඕනේ.

ශිෂ්ට සම්පන්න රාමුවක, ශිෂ්ට සම්පන්න කොටුවක් ඇතුළේ, තමා දේශපාලකයා ඉන්න ඕනේ. හැබැයි එහෙම නෑනේ අපේ රටේ. දැන් බලන්න වාහන හම්බවෙනවා. ලියාපදිංචි කරලා නැති වාහන. රේගුවෙන් නිසි පරිදි රේගු බදු ගෙවන්නේ නැතුව පන්නපු වාහන.

සමහර වාහන බලනකොට එංගලන්තයෙන් උස්සපු ඒවා. ලේසි කට්ටිය නෙමෙයි. ඒ අයට එහෙම නීති අදාළ නෑ. අන්න අපේ රටේ දේශපාලන සංස්කෘතිය. ඒ නිසා අපි නීතිය ඉදිරියේ හැමකෙනාම සමානයි කියන සංකල්පයට පණ පොවනවා.

ඒක අපි කරනවා. අපේ රටේ ජනාධිපතිවරයා වුණාට, අමාත්‍යවරයා වුණාට රිසි රිසි පරිදි තමන්ගේ මහජන දේපොළ උපයෝගී කරගන්න බෑ. එයාලා හිතනවා එහෙම. එහෙම දේශපාලනයක් ඕන නෑ. ඒ නිසා මේ දේශපාලනය ප්‍රමිතිගත කරනවා.”

මොනරාගල ප්‍රදේශයේ පැවති ජන රැලියකට එක්වෙමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.