අද (05) දින නාවලපිටිය මිපිටිය ප්‍රදේශයට දේවගැති ජෙරම් ප්‍රනාන්දු පැමිණීමත් සමග එම ප්‍රදේශයේ ගම්වාසීන්ගෙන් දේවගැති ජෙරම් ප්‍රනාන්දුට දැඩි විරෝධයක් එල්ල කිරීමත් සමග නොසන්සුන්තාවක් හටගෙන ඇත.
දේවගැති ජෙරම් ප්‍රනාන්දු මානසික ව්‍යාකුලතා සහිත දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකිරීම් සිදු කරන බව පැවසෙන ස්ථානයකට පැමිණ ඇති අතර එහිදී මෙම උණුසුම් තත්ත්වය හටගෙන ඇත.
අනතුරුව තත්ත්වය පාලනය කිරීම සදහා නාවලපිටිය පොලීසියේ නිලධාරීන් ද පැමිණ ඇති අතර පසුව ගම්වාසීන්ගේ දැඩි විරෝධය මැද දේවගැති ජෙරම් ප්‍රනාන්දු ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග එම ස්ථානයෙන් පිටවී ගොස් ඇත.
එම ස්ථානයේ දරුවන් පුනුරුත්ථාපනය කිරීමේ මධ්‍යස්ථානයක් ඉදිකරන බවට පවසමින් ආගමික ස්ථානයක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව එම ප්‍රදේශයේ ගම්වාසීන් චෝදනා කරයි.

