Image

වේදිකාවල බොරු කියන දේශපාලකයන්ගේ කාලය අවසන්.! හරිනි අමරසුරිය

ජනාධිපති අනුර කුමාර දිසානායක ජය ගැනීමේදී මෙරට බලපෙරළියක් සිදු වු බවත් ජනතාවට කිට්ටු, ජනතාව වෙනුවෙන් සිටින බලපෙරළියක් බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසුරිය සදහන් කළාය.

තවදුරටත් දේශපාලන වේදිකාවල බොරු කියන පුද්ගලයින් ජනතාව ප්‍රතික්ෂේප කරන බව ඔප්පු වී අවසන් බවත් ජාතිවාදය, ආගම්වාදය හරහා මැතිවරණය විකෘති කිරීමට අවස්ථාවක් තවත් නොමැති බව ඔප්පු වී අවසන් බවද සදහන් කළාය.

වැඩ කරන ජනාධිපති කෙනෙක්, ජනතාවට අවශ්‍ය විදිහට නීති හැදෙන, මුදල් අනුමත වෙන තැනක් බවට පාර්ලිමේන්තුව පත් කිරීමට ජනතාව වෙනුවෙන් සිටිය යුත්තේ මොනවාගේ අයද කියා තෝරා එවන ලෙස අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

එළඹෙන නොවැම්බර් (14) වනදා පාර්ලිමේන්තුව සුද්ද කර පාර්ලිමේන්තුව ජනතාව පැත්තට හරවා ගන්න අවස්ථාවක් ලැබෙන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.

හොරණ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.