Image

රනිල් එන්නේ නෑ කීවට ආයෙත් එනවා.. පිළිගන්නේ පාවඩ ද‍ාලා දෝලාවෙන්.!

තව ටික දවසකින් රටේ ආරක්ෂාව ගැන හිතන ජනතාව දුක් විඳන්නට බැරිව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සොයාගෙන ඇවිත් රට භාරගන්නට කියන බව නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කරයි.

නීතීඥ ප්‍රේමනාත් සී. දොලවත්ත සදහන් කළේ,

“පැහිදිලිවම රනිල් වික්‍රමසිංහ මැතිතුමාව උස්සගෙන ඇවිත් මේ රටේ ජනතාව නැවත වතාවක් එතුමට කියනවා මේ පාලනය භාර අරන් රාජ්‍යතාන්ත්‍රික ස්වභාවය සහ ආරක්ෂාව එකක් රට ඉස්සරහට ගෙනියන්න කියලා. ජනතාවට පොලිම්වල ඉන්න බෑ. ජනතාවට දුක් විඳින්න බෑ. ජනතාවට පේන්න තියනවා මේක යන්නේ මන්දගාමීව. මේක දුවන්නේ නෑ. කියලා.

එතුමා කියන්නේ එතුමාගේ බලාපොරොත්තුව. රටේ ජනාධිපතිවරයා හැටියට හිටිය ඔහු නැවත වතාවක් පාර්ලිමේන්තුවට එන්න නෙමෙයි ඉන්නෙ. එතුමාගේ අවශ්‍යතාවය තමන්ගේ විශ්‍රාම දිවිය තුළ ඉන්න. එතුමා අත් හරින්න ලෑස්තියි. හැබැයි ඇ රටේ ජනතාව කිව්වොත් කරුණාරකරලා ඔබතුමා මේක බාරගන්න කියලා.

මොකද රටේ ජනතාව හොඳටම දන්නවා මිනිස්සුන්ට දැනෙන වෙනසක් ඇති කළේ නැතිනම් මිනිස්සුන්ට ආර්ථික නිදහසක් නැතිනම් මිනිස්සුන්ට ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක් තිබෙනවා නම් මිනිස්සු ආපසු එන්න කියනවා. ඒක පැහැදිලියි. අනික ජාතික ලයිස්තුවේ නම තියෙන්න ඕන නෑ කෙනෙක්ව ජාතික ලයිස්තුවට ගේන්න. අපි ලෝකයේ දැකලා තියනවා ඕන තරම් විශ්‍රාම ගිය නායකයෝ පාවඩ ද‍ාලා දෝලාවෙන් අරන් එනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.