Image

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් අනුරාධපුර වැව් රක්ෂිතයේ ඉඩමක් කොල්ලකයි.!

හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත් සිය ධුර කාලයේදී බලතල අවභාවිතා කරමින් බිරිදගේ නමට අනුරාධපුර වැව් රක්ෂිතයක පර්චස් 60ක වටිනා ඉඩමක් අත්පත් කොට ගෙන ඇති බව වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් කඩිනම් ක්‍රියාමාර්ගයක් ගන්නා ලෙස ජනාධිපතිවරයාට, උතුරු මැද ආණ්ඩුකාරවරයාට, අනුරාධපුර මහ දිසාපතිවරයාට පැමිණිලි කල බව උතුරු මැද පළාත් වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක සදහන් කරයි.

උතුරු මැද පළාත් වානිජ මණ්ඩලයේ අධ්‍යක්ෂ ජනරාල් පී.බී. දිසානායක මේ සම්බන්ධයෙන් සදහන් කළේ,

“පෙරමියන්කුලම වැව් රක්ෂිතයේ පිහිටි මෙම ඉඩම ලබා ගැනිම සදහා මධ්‍යම නුවර ගම් පළාත ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ඉල්ලුම් පත්‍රය ඉදිරිපත් කර තිබෙනේනෙ අංක 76, රත්නගිරි, මොලමුරේ මාවත, කෑගල්ල යන ලිපිනයේ පදිංචි අජන්තා රෑපසාරි හේරත් නැමැති 77 හැවිරිදි කාන්තාවක් විසිනුයි.

අප මෙම කාන්තාව පිලිබදව සිදු කල සොයා බැලිමේදි අනාවරණය වුනේ මෙම කාන්තාව උතුරු මැද පලාත් හිටපු ආණ්ඩුකාර මහීපාල හේරත්ගේ මහතාගේ බිරිඳ බවයි. මෙම කාන්තාව විසින් වානිජ කටයුත්තක් සදහා මෙම ඉඩම ඉල්ලා තිබෙනවා. ප්‍රාදේශිය ලේකම් වරයා වෙත ඉදිරිපත් කර ඇති මෙම ඉල්ලුම් පත්‍රයවත් නිසියාකාරව සම්පුර්ණ කර නැහැ.

කොපමණ කාලයක් මෙහි පදිංචිව සිටියාද යන්නවත් ඉල්ලුම් පත්‍රයේ සදහන් වන්නේ නැහැ. අනුරාධපුර පෙරිමියන් කුලම වැව් තාවුල්ලේ පිහිටි ඉඩම් කොටසක් තමා මෙසේ ලබාදි තිබෙන්නෙ මෙම ඉඩම ප්‍රාදේශීය ලේකම්වරයා විසින් කුමන නීතියක් යටතේ දුන්නේ දැයි බරපතළ ගැටලු මතු වෙනවා. සාමාන්‍ය මිනිහෙක් ඉඩම් ඉල්ලුවොත් ඒ සඳහා තියෙන අණපනත් කෝටියක් විතර තියෙනවා.

අනුරාධපුර අටමස්ථානයට නුදුරින් පිහිටි පෙරිමියන් කුලම වැව් පිටියෙන් ඉඩමක් ලබාදීමට ප්‍රාදේශීය ලේකම්වරයාට ඇති බලය කුමක්ද.? ඔහු මේ ලබා දුන්නේ කුමන නීතියක් යටතේද.? ඒ වගේම එම කාන්තව විසින් මෙම ඉඩමේ තවත් පර්චර්ස් අසූවක් (80) කොටු කරගෙන වැටක් පවා යොදා තිබෙනවා. මේ දුෂිත අනීතික ඉඩම් ගණුදෙනුව සදහා රාජ්‍ය නිලධාරීන්ගේ පුර්ණ සහයෝගය ලබාදී ඇති බව අපට පැහැදිලිව පෙනෙනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.