Image

අපි චන්ඩිකම් කරේ ලයිෂන් නැතිව.. දැන් අපිට ලයිෂන් එකකුත් තියෙනවා.! ලාල් කාන්ත

ජාතික ජන බලවේගයේ මහනුවර ප්‍රදේශයේ ජන රැලියක් අමතමින් ජාතික ජන බලවේග මහනුවර දිස්ත්‍රික් අපේක්ෂක කණ්ඩායම් නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේඩී ලාල් කාන්ත මහතා පැවසූවේ මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට නුවර දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත්වන කණ්ඩායමේ සියලුම සාමාජිකයන් තමන්ටත් වඩා සුදුස්සන් බවයි.

තම කණ්ඩායමේ යම් යම් සමාජීය කාරණාවන් සම්බන්ධයෙන් ගැටුම් ඇතිකරගන්නා එකම පුද්ගලයා තමා බව පැවසූ ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කියා සිටියේ අසාධාරණයන්ට මතවාදීව එරෙහි නොවී සිදුකළ හැකි දේශපාලනයක් නොමැති බවයි.

දේශපාලනයේදී පමණ ඉක්මවා අහින්සක වීම පීඩාවට පත්කිරීමට හේතුව බවත් මෙරට ඉතිහාසයේ ලයිෂන් චන්ඩින්ට එරෙහිව ලයිෂන් නොමැතිව දේශපාලන චන්ඩිකම් කළ එකම කණ්ඩායමත් තම පක්ෂය බවත් ඔහු පැවසීය.

එමෙන්ම මේ වනවිට ලයිෂන් එකක් හිමිවී තිබියදීත් චන්ඩිකම් නොකරන බව සැප්තැම්බර් 21 දින ජනාධිපතිවරණයේදී රටට ඔප්පු කළ බවත් ලාල් කාන්ත මහතා පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.