ගම්පහ දිස්ත්‍රික් අපේක්ෂක දිලිත් ජයවීර පවසන්නේ ජාතික ජන බලවේගය ජනතාවට දුන් පොරොන්දු ඉටුකිරීමට නොහැකි වී ඇත්තේ ඒවා ඉටුකළ හැකි ආකාරය පිළිබඳ ඔවුන් දැන නොසිටි නිසා බවයි.
මීගමුව කඳසුරිඳුගම ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.
“අපි කරන්නේ පොරොන්දු දේශපාලනයක් නෙමෙයි. අනිවාර්යයෙන්ම කරන්නට පුළුවන් දේ පමණක් කතා කරන දේශපාලනයක් අපි කරන්නේ. අපිට ඕනේ අපේ සහෝදර ජනාධිපතිතුමාට ඒ පාර පෙන්වන්න. ඔහු පොරොන්දු වුණු බොහෝ දේ… ඉටු කරලා නැහැ. ඉෂ්ඨ කරන්නත් බැහැ. විදුලි බිල 40%කින් අඩු කරනවා කිව්වා. කරන්න බැහැ. පෙට්‍රල් මිල රුපියල් 200 කරනවා කිව්වා. අන්තිමට සල්ලිකාරයෝ ගහන 95 විතරක් අඩු කළා. ඔබට මුකුත් නැහැ.”
“අපිට පැහැදිලි කරලා දෙන්න පුළුවන් පොල් රුපියල් 140 වුණ ක්‍රමය. බිත්තර මිල වැඩි වුණ ක්‍රමය. සරල සංකල්ප. භාණ්ඩයක මිල හැදෙන විදිය. මේවා දන්නේ නැහැ. මාකට් එකට ගිහින් නැත්නම් කොහොමද දන්නේ.”
“අපි එදා සිට කතා කළේ ජාතිකත්වය සහ ව්‍යවසායකත්වය ගැන. අද අමෙරිකාවේ ට්‍රම්ප් කතා කරන්නෙත් ජාතිකත්වය සහ ව්‍යවසායකත්වය ගැන. මං හිතනවා ට්‍රම්ප්ගේ ප්‍රතිඵලයෙන් ලංකාවේ ඉන්න අය මොනවා හරි ඉගෙන ගනී කියලා.”

