ජාතික ජන බලවේග ආණ්ඩුව ඉදිරියේදී විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කිරීමට පියවර ගන්නා බව ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ඉන්ධන මිල තවදුරටත් අඩු කිරීමට සූදානම් බවත් ඒ සදහා පොඩි කාලයක් අවශ්‍ය බවද ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කරයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක සදහන් කළේ,
“අවුරුද්දක් එකහමාරක් වගේ කාලයක් යනකොට අපි විදුලිබල ක්ෂේත්‍රයේ විශාල පරිවර්තනයක් ඇති කරනවා. මේ විදුලි බිල 30%කට වඩා වැඩි ප්‍රමාණයකින් අඩු කරනවා. අපිට පොඩි කාලයක් දෙන්න ඒකට. ඉන්ධන මිල වුණත් අඩු කරන්න අපිට කාලයක් අවශ්‍යයි. අපි මේ වැඩ ටික කරන්නම්.”
දඹුල්ලේදී පැවැති මහ මැතිවරණ ජන රැලියක් අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මේ බව සදහන් කරයි.

