එළඹෙන සදුදා දින නොවැම්බර් මාසයට අදාළ අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීමනාව බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලය සදහන් කරයි.
ඒ අනුව සියලුම ප්‍රතිලාභීන්ට ලබන අඟහරුවාදා දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල් තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බව එහි සභාපති ජයන්ත විජේරත්න සදහන් කරයි.
ප්‍රතිලාභී පවුල් දහසය ලක්ෂ 92,481ක් අතරේ එලෙස ලබාදෙන මුලු මුදල දස බිලියන නවසිය තිස් නව මිලියන අටසිය අනූ හතර දහස් හත්සිය පනහක මුදලක් ලබා දෙන බවද සභාපති ජයන්ත විජේරත්න සදහන් කරයි.

