Image

බේකරි නිෂ්පාදන මිල අඩු කිරීමට සැරසෙයි.!

බේකරි සහ ආපන ශාලා නිෂ්පාදනය මිල අඩු කිරීමට අවධානය යොමුව ඇති බවත් එම මිල අඩු කිරීමේ ප්‍රතිශතය නිගමනය කිරීමට පාරිභෝගික කටයුතු අධිකාරියට උපදෙස් දී ඇති බවද වෙළද අමාත්‍යංශය සදහන් කරයි.

රුපියල ශක්තිමත් වීමේ වාසිය එලෙස පාරිභෝගිකයාට නිසි පරිදි ලබාදීමට බේකරි සහ ආපන ශාලා හිමිකරුවන් කටයුතු කර තිබේ ද යන්න මේ වනවිට අධ්‍යනයක් ක්‍රියාත්මක කර ඇත.

ඉදිරියේදී බේකරි හිමියන්ගෙ සංගමය සහ ආපනශාලා හිමිකරුවන්ගේ සංගමය කැඳවා මිල අඩු කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට නියමිත බවද වෙළඳ අමාත්‍යාංශය සදහන් කරයි.

TRENDING POST