සති අන්ත පුවත්පතක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා මහතා සඳහන් කර තිබුනේ රනිල් වික්‍රමසිංහ යනු රට විකුණා කජු කෑ ජනාධිපති කෙනෙක් බවයි.
‘රනිල් වික්‍රමසිංහ මේ දවස්වල කියන දේවල් මොනවද කියලා එයාවත් දන්නෑ. සමහරවිට පරාජයේ කම්පන තත්ත්වයක් නිසා ඔළුව විකාර වෙලාද දන්නෙ නෑ. බොරු කතා ගොඩක් කියනවා.
වැටුප් වැඩි කරලා ගියා නම් මොකක් ද වැය ශීර්ෂය කියලා රටට කියන්න කියලා මං අභියෝගයක් කරනවා. හැබැයි හීනයක් දැකල කීවද දන්නෙ නෑ. ඒත් අපි ඒක කරනවා.
එයා කරන්න හිටපු සමහර වැඩ අපි වෙනස් කළ බව නම් ඇත්තක්. උදාහරණයක් විදිහට එතුමා නිවාස බද්දක් යෝජනා කරලා තිබුණා. කෙනෙකුට ගෙවල් දෙකක් තිඛිලා එක ගෙයක් කුලියට දෙනවා නම් ඒකට බද්දක් ගහන්න තීරණයක් අරන් තිබුණා, එක අපි ඉවත් කළා.
පඩි වැඩි කිරීම නෙවෙයි, බදු වැඩි කිරීම තමයි එයා ක්‍රියාත්මක කරන්න තීන්දු කරලා තිබුණේ. මිල්කො එකයි. කිරි ගොවිපළ වල් 31යි. අක්කර 28,0003 විකුණන්න හිටියෙ. අපි ඒකත් නැවැත්තුවා. දැන් ලාභ ලබමින් දුවන්න පටන් අරන් තියෙන්නෙ
ශ්‍රී ලංකන් එයාර් විකුණන්න වෙන්දේසියෙ දාලා තිබේ. අපි ඒකත් තවත්තලා, දැන් යම් කිසි දි හකට වියදම් අවම් කරලා නැවත ගොඩගන්න උත්සාහ කරමින් ඉන්නෙ.