Image

රංගේ ආගිය අතක් නෑ.. පක්ෂයෙන් දොට්ට.. තලතා මහ පුටුවට.!

එක්සත් ජාතික පක්ෂය විනාශ කර හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවා හමුවීමට අවස්ථාව නොදී පවුරු බැඳ සිටි පිරිසක් සිටින බවත් ඒ අය මෙවර මැතිවරණයෙන් පරාජයට පත්විය යුතු බවද එජාප මිනුවන්ගොඩ ආසන සංවිධායක ආශු මාරසිංහ සදහන් කරයි.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ පරාජය පිටුපස සිටින්නේ මෙවර ගෑස් සිලින්ඩරයෙන් පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්ව සිටින පිරිසක් බවත් ඔළුව උදුම්මාගෙන සිටින අය පරාජයට පත්විය යුතු බවද ආශු මාරසිංහ සදහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් පාලිත රංගේ බණ්ඩාර මේ අවස්ථාවලදී පෙනෙන්නටවත් නොමැති බවත් ඉදිරියේදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල පත් කිරීමට කටයුතු කරන බවද ආශු මාරසිංහ සදහන් කරයි.

තමන් විශ්වාස කරනවා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි තලතා අතුකෝරල එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් වුණාට පසු පක්ෂයේ ප්‍රබෝධයක් ඇති වන බවත් අනතුරුව ලංකාව වටා ගොස් පක්ෂය හදන බවද ආශු මාරසිංහ සදහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආශු මාරසිංහ මේ බව සදහන් කරයි.

TRENDING POST