Image

වෛද්‍ය නිර්දේශ නැතිව රෝගය කියා ෆාමසියෙන් බෙහෙත් අරන් බීම ඉතා භයානකයි.!

වෛද්‍ය නිර්දේශ නැතිව හිතුමතේට ෆාමසි වලින් බෙහෙත් මිලදී ගෙන භාවිත කිරීම භයානක ප්‍රතිඵල ගෙනදෙන බව වෛද්‍ය පර්යේෂණ ආයතනයේ දිලිර වේදී දෙපාර්තමේන්තුවේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර සදහන් කළාය.

ඇතැම් මවුපියන් කුඩා දරුවන්ට කිසියම් අසනීපයක්, එනම් කැස්සක් හෝ වැලදුණු විට කෙළින්ම ෆාමසියට දුවගොස් රෝගය සඳහන් කර ඖෂධ මිලදී ගැනීමට පුරුදුව සිටින බවත් මෙය ඉතා භයානක තත්ත්වයක් බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

එවැනි විවිධ ලෙඩ රෝග වැඩි කරගත් රෝගීන් සිය වෛද්‍ය පර්යේෂණ අංශයට පැමිණෙන බවත් ඔවුන් කළ දේ වැරැදි බව වටහා ගනුයේ සිය දැනුවත් කිරීම් වලින් පසුව බවත් ඇතැමුන් වෛද්‍ය නිර්දේශ පවා නොමැති ඒවා මිලදී ගැනීමට පෙළඹී සිටින බවද විශේෂඥ වෛද්‍යවරිය සදහන් කළාය.

වෛද්‍ය නිර්දේශ නැතිව ෆාමසි වලින් ඖෂධ ඉල්ලන විට ඒවා ලබාදීමට ෆාමසි හිමියන්ද සැදී පැහැදී සිටීම කනගාටුවට කරුණක් බවද කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදී විශේෂඥ වෛද්‍ය ප්‍රීමාලි ජයසේකර මේ බව සදහන් කළාය.

TRENDING POST