Image

මෙරට සෑම පවුලක්ම රුපියල් ලක්ෂ 48 බැගින් ගෙවිය යුතුයි.!

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ මහාචාර්ය වසන්ත අතුකෝරල මහතා පවසන්නේ මුදල් අමාත්‍යාංශ සහ මහ බැංකු වාර්තා අනුව ලංකාවේ සාමාන්‍ය පවුලක් වෙනුවෙන් රජය ලබාගෙන ඇති ණය ප්‍රමාණය මේ වසරේ ජූලි මාසය වනවිට ලක්ෂ 48ක් දක්වා ඉහළ ගොස් ඇති බවයි.

ඔහු පවසන්නේ ඉකුත් වසර පහ සමඟ සංසන්දනය කිරීමේදී ලංකාවේ එක පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය ලක්ෂ 26කින් ඉහළ ගොස් ඇති බවයි.

මහාචාර්යවරයා පෙන්වාදෙන්නේ රජය එක් පවුලක් වෙනුවෙන් 2019 වර්ෂයේදී ලබාගෙන ඇති ණය ප්‍රමාණය 2211471 ක් වන අතර මේ වසරේ ජුලි මාසය වන විට රජය එක් පවුලක් වෙනුවෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය 4819256 ක් බවයි.

දේශීය වශයෙන් ලබාගත් ණය හේතුවෙන් එක් පවුලක් වෙනුවෙන් ගත් ණය ප්‍රමාණය 65% කින් පමණ වැඩි වී ඇතැයි ඔහු පෙන්වා දෙයි.

වසන්ත අතුකෝරල මහතා වැඩිදුරටත් පැවසූවේ, 1972 – 78 කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය (ණය වැඩිවීම) ඒක පුද්ගල ණය ප්‍රමාණය රුපියල් 158ක් බවත්.

1978-88 කාල සීමාවේදී වසරකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 1030ක් වශයෙන්ද 1989-93 අතර කාලයේදී අවුරුද්දකදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 2477 ක් බවත්

1993- 94 කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 3371 ක් වශයෙන්ද 1995- 2005 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 77118ක් බවත්

2006-2014 කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 25561ක් බවත්

2015-19 අතර කාල සීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 37525ක් බවත්

2020- 22 අතර කාලයේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 198494 ක් බවත්

2022- 24 කාල සීමාවේදී ඉහළ ගිය ඒක පුද්ගල ණය ප්‍රමාණය 104287ක් වශයෙන්ද සඳහන් වන බවත් ය.

TRENDING POST