රටේ දේශපාලන බලය අපිට ආභරණයක් නොවන බවත් බලය ලබාගෙන කෑදරකමට එල්ලීලා ඉන්න කිසිම අවශ්‍යතාවක් නොමැති බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
වත්මන් අන්තර්කාලීන ආණ්ඩුව තුළ විශාල වැඩ කොටසක් ඉටු කළ බවත් නැවතුණු ව්‍යාපෘති ගණනාවක් ආරම්භ කිරීමට හැකි වු බවද අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය සදහන් කළාය.
හොරු ටිකක් එක්ක පොහොසත් රටක් සකස් කිරීමට හැකියාවක් නැති බවත් පොහොසත් රටක් ලස්සන ජිවිතයක් සකස් කිරීමට නම් එය ක්‍රියාත්මක කිරීමට පුළුවන් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ක්‍රියාත්මක කිරීමට නම් ශක්තිමත් පාර්ලිමේන්තුවක් අවශ්‍ය බවත් අපි බලය ලබාගෙන තියෙන්නේ සංදර්ශනය පවත්වන්නත් අපේ නෑදෑ හිතවතුන්ට උදව් කරන්නවත් නොවන බවද අග්‍රාමාත්‍යවරිය සදහන් කළාය.
මාළඹේ අරංගල ප්‍රදේශයේ පැවැති ජන හමුවකට එක්වෙමින් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සදහන් කළාය.