Image

දරුවන් ගැන අවධානයෙන් සිටින්න.!

මේ දිනවල දරුවන් අතර උණ රෝගයේ ඉහළ යාමක් වාර්තා වන බවත් දින තුනකට ආසන්න කාලයක් උණ රෝගය පවතීනම් ඒ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතු බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කරයි.

විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා සදහන් කළේ,

“පසුගිය දවස්වල නිරීක්ෂණය කරද්දි දුටු දෙයක් තමයි ළමයි අතර උණ රෝගය වැඩි වුණා. වෛරස් උණ රෝග තමයි වැඩි වෙලා තියෙන්නේ. කැස්ස, සෙම්ප්‍රතිශාව සමග තිබෙන උණක්. ඊට අමතරව ඩෙංගු රෝගීන්ගේ වැඩි වීමකුත් අපි දැක්කා.

විශේෂයෙන්ම ඩෙංගු ගැන කල්පනාකාරි වෙන්න. මොකද ඩෙංගු මාරාන්තිකයි තාමත් 0.1%ක් හරි මරණයට පත්වෙන්න පුළුවන්. එනිසා නිවස අතර පාසල් අතර පිරිසිදුව තබා ගන්න. වෛරස් උණ රෝගය අපි දකිනවා දරුවෝ අතර. මෙතනදී ඉන්ෆ්ලුවෙන්සා වෙන්නත් පුළුවන්.

ඉන්ෆ්ලුවෙන්සා හා සමාන රෝග ලක්ෂණ තියෙන වෙන වෛරස් උණක් වෙන්නත් පුළුවන්. ඒ නිසා කැස්ස, සෙම, හෙබ්බිරිස්සාව උණ තියෙනවා නම් ඇඟ රිදෙනවා නම් වමනේ යනවා නම් මේක වෛරස් උණ රෝගයක්. දවස් තුනකට වඩා උණ තියෙනවා නම් අදාළ රුධිර පරීක්ෂණ කර ගන්න.”

TRENDING POST