මෙවර මහා මැතිවරණයේ ආරක්ෂාව සඳහා පොලීසිය සහ ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් අනූදහසකට ආසන්න පිරිසක් යෙදවීමට සැළසුම් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා පවසනවා.
ඒ අනුව එම ආරක්ෂක නිළධාරීන් අද (12) සිට රාජකාරි කටයුතු සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ප්‍රකාශ කළේ.
ඒ සඳහා පොලිස් නිලධාරීන් 63,145ක් යෙදවීමට නියමිතයි.
පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් 32,00ක් සහ ත්‍රිවිධ හමුදා නිලධාරීන් 11,010ක් ද ඒ අතර වනවා.
එමෙන්ම සිවිල් ආරක්ෂක නිලධාරීන් 12,227ක් ඇතුළුව නිලධාරීන් 89,582 දෙනෙකු ආරක්ෂක කටයුතු සඳහා යොදවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නිහාල් තල්දූව මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියා සිටියේ.

