Image

ඡන්ද ගණන් කිරීම සිදුවන්නේ මෙහෙමයි.. කොමිසමෙන් විශේෂ නිවේදනයක්.!

පැවැත්වීමට නියමිත මහ මැතිවරණයට අදාළව ඡන්ද ගණන් කිරීමේ කටයුතු එළැඹෙන (14) වනදා පස්වරු 4.15ට ආරම්භ කිරීමට කටයුතු කරන බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක සදහන් කරයි.

මැතිවරණ කොමිසමේ සභාපතිවරයා සදහන් කළේ,

“තැපැල් ඡන්ද ගණන් කිරීමේ කටයුතු 4.15ට ආරම්භ කිරීමට විධි විධාන යොදා තිබෙනවා. ඒ වගේම සාමාන්‍ය ඡන්ද ගණන් කිරීම 14 වැනි දින ඒ ඒ ඡන්ද මධ්‍යස්ථානවලින් ඡන්ද පෙට්ටි ලැබුණු පසුව පස්වරු 7.15ට පමණ නිලධාරීන් සම්පූර්ණ වූ පසුව ආරම්භ කිරීමට කටයුතු යොදල තියෙනවා.

ගණන් කිරීමේ කටයුතු අවසන් වූ පසුව එම ප්‍රතිඵල මාධ්‍යට ලබා දීමට අවශ්‍ය විධිවිධාන යොදලා තියෙනවා. එතෙක් නිල නොවන ප්‍රතිඵල නිකුත් කිරීමෙන් වැළකී සිටින ලෙස සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ඡන්ද ගණන් කිරීමේ කටයුතු අදියර තුනක් යටතේ සිදුවෙන්නේ. පළමුව එක් එක් පෙට්ටියේ ඡන්ද සංඛ්‍යාව ගණනය කිරීම සිදුකරනවා. දෙවනුව ගණන් කරන්නේ එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම් සඳහා ලැබී ඇති ඡන්ද සංඛ්‍යාව.

ඒක අවසානයේදී ඒ ඡන්ද සංඛ්‍යාව අනුව එක් එක් පිළිගත් පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් පත්විය හැකි මන්ත්‍රීවරුන් සංඛ්‍යාව ගණනය කරනවා. එයින් අනතුරුවයි පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයින් ලබාගත් මනාප සංඛ්‍යාව ගණනය කරනු ලබන්නේ.

එක් එක් පිළිගත් දේශපාලන පක්ෂ හා ස්වාධීන කණ්ඩායම්වලින් ඉදිරිපත් වී ඇති අපේක්ෂකයින් ලබාගෙන ඇති වැඩිම මනාප සංඛ්‍යාව අනුව මන්ත්‍රීධුරය සඳහා තෝරා පත්කර ගැනීම සිදුකරනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.