Image

රනිල්ගේ පාර්ලිමේන්තු පැමිණීම ගැන තීරණයක්.!

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ යටතේ මෙවර මහ මැතිවරණයට තරඟ වැදි හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමති රවී කරුණානායක මහතා පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුව හරහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සහ හිටපු ඇමති රවී කරුණානායක මහතා නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත‍්‍රී ධුරයන් හරහා පත් කිරීමට නියමිත බව වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ මන්ත්‍රීවරු තිදෙනෙකු මහ මැතිවරණයෙන් තේරී පත්වූ අතර ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 2ක්ද සහිතව, පස්දෙනෙකු මෙම පෙරමුණ නියෝජනය කරනු ඇත. පාර්ලිමේන්තුවේ කණ්ඩායමේ නායකයෙක් ලෙස දිනේෂ් ගුණවර්ධන මහතා පත් කිරීමට නියමිතව බවද වාර්තා වේ.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ ලියාපදිංචි කර ඇත්තේ හිටපු ඇමති රවී කරුණානායක මහතා වන අතර, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත් කරන්නේද නැතිද යන තීරණය ඉදිරියේදී ගන්නා බව ආරංචි මාර්ග පවසයි.

TRENDING POST