10 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිත අතර එහිදී විශේෂ ප්‍රකාශයක් කිරීමටද නියමිතව ඇත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව නව පාර්ලිමේන්තු සැසිවාරයක්ම ආරම්භයේදී නව රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට ජනාධිපතිවරයාට බලය ඇත.
ඒ නව පාර්ලිමේන්තුව ආරම්භ කරන නොවැම්බර් (21) වැනිදා සවස 03.00 ට ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.