සමගි ජන බලවේගය ජාතික ලැයිස්තුවට ඉදිරිපත් කරන අපේක්ෂකයින් තීරණය කිරීම සඳහා කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් පවත්වන බව එම පක්ෂයේ ආරංචි මාර්ග පවසනවා.
දැන්ට ප්‍රකාශයට පත් කර ඇති ලැයිස්තුවෙන් පිට කිසිවකු ඒ සඳහා නම් නොකරන බවද සඳහන්.
මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල මත පක්ෂයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධූර 05 ක් හිමි වුණා.