මෙවර පාර්ලිමේන්තුවට පත්වී සිටින සියලුම මන්ත්‍රීවරුන් සහ පත් කරන ඇමතිවරුන් සියලුම දෙනා වැටුප් නොගෙන රාජකාරී කිරීමට සූදානම් බව ජාතික ජන බලවේග පක්ෂයේ අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර සදහන් කරයි.
වැටුප් නොගෙන රාජකාරී කිරීම සදහා වන එකඟතාවය මූලිකවම තීන්දු කරගෙන අවසන් බවත් විපක්ෂය කියන පරිදි වර්තමාන ආණ්ඩුව කෙටි කලක් තුළ බිඳ නොවැටෙනු ඇති බවද මන්ත්‍රී සුසන්ත කුමාර සදහන් කරයි.
මාධ්‍ය හමුවක් අමතමින් මන්ත්‍රී සුසන්ත කුමාර මේ බව සදහන් කරයි.