උතුරේ ජනතාව ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ජාතික ජන බලවේගයට ඡන්දය ලබාදීමෙන් පිළිබිඹු වන්නේ, ජාතිවාදයට සේම බෙදුම්වාදයට ඔවුන්ගේ තිබෙන අකමැත්ත බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ සදහන් කරයි.
කැනේඩියානු දෙමළ සංගමය වැනි ආයතන නැවතත් ජාතිවාදී, ආගම්වාදී, බෙදුම්වාදී ඉල්ලීම් ඉදිරිපත් කර තිබෙන බවත් ඒවා සංතර්පනය කරනවා වෙනුවට සියලු ජනතාවගේ අභිමාතාර්ථ ඉටුකරන ගමනක් ආණ්ඩුව යා යුතු බවද විමල් වීරවංශ සදහන් කරයි.
මෙම ජනවරම අසාමාන්‍ය ජනවරමක් බවත් එය තේරුම්ගෙන ආණ්ඩුව කටයුතු කළ යුතු බවත් ජනවරම මගින් ජනතාව වඩාත් අපේක්ෂා කරන්නේ ආර්ථික අර්බුදය කඩිනමින් විසඳා ජනතාවට සාධාරණ ඉටුවන හෙට දවසක් බවද විමල් වීරවංශ සදහන් කරයි.
කෙසේ වෙතත් ජාතික ජන බලවේග ආණ්ඩුව නිවැරැදි ගමනක ගමන් නොකරන්නේ නම් ජාතික නිදහස් පෙරමුණේ භූමිකාව රටේ ජනතාව පෙළගස්වමින් ඊට නායකත්වය ලබාදීම බවද විමල් වීරවංශ සදහන් කරයි.

