මෙවර රත්නපුර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ සජබ මන්ත්‍රී හේෂා විතානගේ මහතා ඊයේ (19) පස්වරුවේ මාධ්‍ය හමුවක් කැඳවමින් පවසා සිටියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හිමි වරප්‍රසාද වන නිවාස, ආරක්ෂාව, වාහන බලපත්‍ර, වැටුප්, බැංකු නය තබා පාර්ලිමේන්තුවෙන් ආහාර හෝ ලබා නොදිය යුතු බවයි.
එළඹෙන පාර්ලිමේන්තු සමාරම්භක දිනයේම තමා සිය ප්‍රථම පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් ලෙස එම යෝජනාව ඉදිරිපත් කරනා බවත් ආණ්ඩුව මින් පෙර පොරොන්දුවූ පරිදි එම සියලු වරප්‍රසාද නවතා දමනු ඇති බවට ජනතාව විශ්වාස කරනා බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.

