Image

සතුරන්ට අවශ්‍ය වුණේ පොහොසත් රටක් හදන්න ද….? – මැදගොඩ අභයතිස්ස හිමි

ජාතික ව්‍යාපාරය ශක්තිමත් කරමින් රටට එරෙහි බලවේගවල කුමන්ත්‍රණ පිළිබඳ නිරන්තරයෙන් අවධානය යොමු කළ යුතු බව මහාචාර්ය පුජ්‍ය මැදගොඩ අභයතිස්ස හිමි පවසයි.

“දැන් නිකන් පොඩි අදහසක් ඇති වෙලා තියෙනවා, අපේ ජාතික මතවාදයේ ඉන්න අයට දැන් නිකන් අභියෝගයක්, අර්බුදයක් නෑ කියලා මනසක් හැදිලා තියෙනවා. එහෙම අර්බුදයක් නැත්නම් හොඳයි.තිස් වසරක් මරාගත්තු ඒ වගේම යම් ආකාරයක ජාත්‍යන්තර සහ දේශීය සතුරාගේ ක්‍රියාකාරීත්වය අලුත් ජනාධිපති කෙනෙක් අලුත් ආණ්ඩුවක් පත්වුණා කියලා ඔවුන් හකුළාගනී කියලා හිතන්න බෑ.සතුරන්ට ඕන වුණේ පොහොසත් රටක්, සෞභාග්‍යමත් රටක් හදන්නද? ඒ නිසා සතුරාගේ ඉලක්කය තාමත් එලෙසින්ම තිබෙන බව පමණක් අපි අමතක නොකළ යුතුයි.සමහර විට වෙනස් ක්‍රියාන්විතයක් ඔස්සේ එන්න පුළුවන්. හැබැයි කිසිසේත්ම එය නොතකා හැරිය යුතු නෑ. මෙතෙක් තිබූ ජාතික ව්‍යාපාරය අවශ්‍ය නෑ කියන තැනට එනවා නම් ඒ තරම් මෝඩ දෙයක් තවත් නෑ කියන එක අපි පැහැදිලිවම තේරුම් ගත යුතුයි.”

TRENDING POST