මෙම වසරේ තෙවන පාසල් වාරයේ පළමු අදියර 2024.11.22 දින රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිංහල හා දෙමළ පාසල් සදහා සිකුරාදා දිනෙන් අවසන් වන බව අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරයි.
ඒ අනුව අද (22) දිනයෙන් පසු පාසල් නිවාඩු කාලය ආරම්භ වන අතර මුස්ලිම් පාසල්වල තෙවන පාසල් වාරයේ පළමු අදියර නිමා වන්නේ 2024.12.13 වන සිකුරාදා දින වන අතර එම දිනට පසුදා සිට එම පාසල් නිවාඩුව ආරම්භ වේ.
දිවයිනේ සියලුම පාසල්වල තෙවන වාරයේ දෙවන අදියර 2025 වර්ෂයේ ජනවාරි මස (02) වන බ්‍රහස්පතින්දා දින නැවත ආරම්භ වේ.

