දෙදෙනෙකුට ඇති රුදාවකට මුළු පක්ෂයක්ම බිලි දිය නොහැකි බවත් තමන්ගේ මන්ත්‍රී ධූරය සම්බන්ධ සියලුම දේ නිත්‍යානුකූලව සිදුවී ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි.
තමන් අවුරුදු පහකට පසු පාර්ලිමේන්තුවට පැමිණියේ රට හදන්නට හැකි එකතුවක් සේම, රට ගැන සිතා වැඩ කළ හැකි පිරිසක් පාර්ලිමේන්තුවට අවශ්‍ය අවස්ථාවේදී බවද මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි.
තමාගේ මන්ත්‍රී ධුරය සම්බන්ධයෙන් ගැටලුවක් ඇත්නම් කළ යුත්තේ, නීත්‍යානුකූලව ඒ සම්බන්ධව කටයුතු කිරීම බවත් මෙය සියයට දෙක තුනක ප්‍රශ්නයක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.
මන්ත්‍රී රවී කරුණානායක සදහන් කළේ,
“මම හිතන්නේ මේකෙ තියෙන්නෙ සියයට දෙක තුනකට තියන ප්‍රශ්නයක්. ඒ මිසක් සමස්ථයක් වශයෙන් මම හිතන්නේ ප්‍රශ්නයක් නෑ. දෙන්නෙකුට තිබෙන රුදාවකට මුළු පක්ෂයක්ම අපට බිලි දෙන්න ඉඩ දෙන්න බෑ. ඒක තමයි මේ අවස්ථාවේදි කියන්න තිබෙන්නේ. හැම දෙනාටම ඒ ගොල්ලන්ගේ බලාපොරොත්තු තියනවා. මේ සිදුවීම ගැටලුවක් නම් ඒ සම්බන්ධව සාධාරණව නීත්‍යානුකූලව කටයුතු කිරීම පමණයි තියෙන්නේ.”

