Image

රනිල් – රවී ගැටුමට වජිර මැදිවෙයි.. රනිල් දන්නෑ.. දන්නවා.!

රවී කරුණානායකගේ නම නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා නම් කර මැතිවරණ කොමිසමට යැව්වේ හිටපු ජානධිපති රනිල් වික්‍රමසිංහ දැනුම්වත් කිරීමෙන් අනතුරුව බව එම පක්ෂයේ ලේකම් නීතිඥ ශ්‍යාමිලා පෙරේරා විසින් ලිඛිතව දැනුම් දුන්නේය.

කෙසේ වෙතත් ජාතික ලයිසතු මන්ත්‍රී ධූරය සදහා රවී කරුණානායක නම් කිරීම සම්බන්ධව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට කිසිම පූර්ව දැනුම් දීමක් නොකළ බවත් එම නිවේදනය අසත්‍ය බවද එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන සදහන් කරයි.

පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව ලැබුණු ජාතික ලයිස්තු මන්ත්‍රී ධූර දෙකෙන් එකක් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නම් කරන අපේක්ෂකයෙකුට ලබාදීමට එකඟතාවයට පැමිණ තිබූ බවට කෙරෙන ප්‍රකාශය පදනම් විරහිත බවද සභාපති වජිර අබේවර්ධන සදහන් කරයි.

කෙසේ වෙතත් තමන් නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජාතික ලයිස්තු මන්ත්‍රී ධූරයක් සදහා නම් කළ බවටත්, එය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ දැනුවත්ව සිදුකළ බවත් අනතුරුව මැතිවරණ කොමිසමට දැනුම් දුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක සදහන් කරයි.

TRENDING POST