Image

මගේ තාත්තා කොටි.. ප්‍රභාකරන් අපේ දෙයියෝ.. උතුර නැගෙනහිර කියන්නේ වෙනම රටක්.! ආච්චුනා රාමනාතන්

මේ දිනවල වඩාත් ආන්දෝලනාත්මක මාතාවක් වී සිටිනා පාර්ලිමේන්තු මන්ත්‍රී ආච්චුනා රාමනාතන් ප්‍රසිද්ධ රූපවාහිනී වැඩසටහනකට සහභාගී වෙමින් ජාතිවාදී ප්‍රකාශ රැසක් සිදුකළේය.

ඔහු පවසන්නේ ආවා කල්ලිය පිටිපස්සේ යුද හමුදාව සිටිනා බවත් තමන්ට අවශ්‍ය අදහස් ප්‍රකාශ කළහොත් යාපනයේදී වෙඩි තැබීම් හෝ කපා කොටා ඝාතනය කිරීම්සිදුකරන බවත්ය.

එමෙන්ම මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසුවේ තමාගේ පියා කොටි සමාජිකයෙකු වන බවත් තම දෙවියන් වන්නේ ප්‍රභාකරන් බවත් ය.

එම සංවාදය පහතින්,

මන්ත්‍රීවරයා – අපි කැමති එකක් අපිට එලියට කියන්න අවස්ථාවක් දෙන්නේ නෑ. එහෙම කිව්වොත් ආමි එකෙන් හරි පොලිසියෙන් හරි සීඅයිඩී එකෙන් හරි වෙඩි තියෙනවා,

මාධ්‍යවේදියා – එහෙම වෙලා නෑ.

මන්ත්‍රීවරයා – මම කතාකරන්නේ යාපනය ගැන, අද වුනත් මට යාපනේට ගිහිල්ලා මෙහෙම කතා කරන්න බෑ එහෙම කතා කලොත් අද හවසට මාව කොහෙදි හරි කපනවා. උතුරයි නැගෙනහිරයි කියන්නේ වෙනම රටක්.

මාධ්‍යවේදියා – ආණ්ඩුව පැත්තෙන් මෑතකදී එහෙම වෙඩිතැබීමක් වුණේ නෑ.

මන්ත්‍රීවරයා – යාපනයේ මිනිස්සු කෑලි කෑලි වලට කැපුවා ආවා ගෲප් එකෙන්. ආව කල්ලියේ පිටිපස්සෙ හිටියේ ආමි එකෙන් අපරාධ කරලා ඒගොල්ලෝ පැනලා යන්නේ ආමි කෑම්ප් ඇතුලට. අපි මොනවා හරි කරොත් ඔයගොල්ලො හිතනවා මේ ත්‍රස්තවාදී ඇවිල්ල අපේ පාර්ලිමේන්තුව අල්ල ගන්න හදනවා කියලා. ඒක ඔයාලගෙත් පාර්ලිමේන්තුව නෙමෙයි ඒක අපේ පාර්ලිමේන්තුව.

මාධ්‍යවේදියා – පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග අනුව ජංගම දුරකථන භාවිතා කරන්න බෑ. ඒ කිසි දෙයක් නොදැනද ඔබ පාර්ලිමේන්තුවට ගියේ.?

මන්ත්‍රීවරයා – හැමෝම ෆෝන් තියාගෙන හිටියා එහෙනම් ඒ හැමෝම අල්ලගන්න එපැයි, මම ත්‍රස්තවාදී නිසා ඔයා ඇයි මට විතරක් ඔහොම කරන්නේ, මගේ තාත්ත කොටි තමයි ඒකෙ කිසි අවුලක් නෑ ඕන කෙනෙක් අහගන්න.

TRENDING POST