කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය – කේ.ඩී. ලාල්කාන්ත මහතා දිනයේදී මල්වතු මහා විහාරයේදී මාධ්‍ය අමතමින් පවසා සිටියේ කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් සුවිශේෂී තීන්දු තීරණ රැසක් ඉදිරියේදී ගැනීමට නියමිත බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ගොවිජනතාව සහ පාරිභෝගිකයාත් ආරක්ෂාවන ආකාරයට කටයුතු කිරීමට රජය බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම පාරිභෝගික ජනතාව පීඩාවට පත්වීමෙන් වැලැක්වීම සඳහා යම්කිසි ආනයනය කිරීමත් සිදුකිරීමට අවශ්‍ය වුවහොත් පැකිලීමකින් තොරව එය සිදුකරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
ඉදිරියේදී නාඩු සහල් ආනයනය කිරීම සම්බන්ධයෙන්ද අදහස් දැක්වූ අමාත්‍යවරයා පවසා සිටියේ වෙළෙඳ අමාත්‍යාංශය සහ කෘෂිකර්ම අමාත්‍යාංශය ඒකාබද්ධව ඒ සඳහා අවශ්‍ය තීන්දු තීරණ ගෙන ඇති බවත් පාරිභෝගික ජනතාව සහ ගොවියා සම්බන්ධයෙන්ද තුලනාත්මකව නිවැරදි තීන්දු තීරණ ගැනීම රජයේ අරමුණ බවත් ය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රී ලක්ෂ්මන් නිපුණාරච්චි මහතා ප්‍රකාශ කළ වෘත්තීය සමිති විසුරුවා හැරීමේ ප්‍රකාශය සම්බන්ධයෙන්ද මාධ්‍යවේදීන් විසින් අමාත්‍යවරයාගෙන් විමසා සිටි අතර එහිදී ඔහු පවසා සිටියේ නිපුණාරච්චි මහතාගේ සමස්ථ ප්‍රකාශයේ නිවැරදි අර්ථය හඳුනා නොගත් පිරිසක් වෙනත් අදහසක් උපුටා දක්වමින් සිටිනා බවයි.
ඒ සම්බන්ධයෙන් උදාහරණයක් සහිතව පැහැදිලි කළ අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේය,
“ඕගොල්ලෝ බලන්නකෝ මේ අවුරුදු පහෙන් පස්සේ විරුද්ධ පක්ෂවලින් දේශපාලනය කරන්න කිසිම අපේක්ෂකයෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ.. ඉදිරිපත් වෙලා වැඩක් නෑ.. කිසිම වරප්‍රසාදයක් හම්බෙන්නෙත් නැහැ.. ඉදිරිපත් වෙලා ජයග්‍රහණය කරන්නත් බෑ.. අපිට ඕනෙනම් කියන්න පුළුවන් අනෙකුත් දේශපාලන පක්ෂ විසුරුවා හරිනවා වගේ කතාවක්.. නමුත් ඒකේ අර්ථය ඒක නෙවේ”